විද්‍යුත් වාහන ආනයනය ගැන රජයෙන් ප්‍රකාශයක්

විද්‍යුත් වාහන ආනයනය ගැන රජයෙන් ප්‍රකාශයක්

විද්‍යුත් වාහන 900කට ආසන්න ප්‍රමාණයක් ආනයනය කිරීම සඳහා විදෙස්ගත ශ්‍රමිකයින් සඳහා බලපත්‍ර නිකුත් කර ඇති බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා අද (07) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

මෙම ක්‍රමවේදය හරහා ඩොලර් මිලියන 100 කට වැඩි මුදලක් විදෙස් ශ්‍රමිකයින් මෙරටට එවා ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම විදෙස් ශ්‍රමිකයින් වෙත ලබාදුන් විද්‍යුත් වාහන ආනයනය කිරීමේ ක්‍රමවේදයට ණයවර ලිපි නිකුත් කිරීමට අදාළ කටයුතු සිදුකිරීමේදී යම් අවහිරතාවයක් මතුව ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

මහාභාණ්ඩාගාරයේ නිලධාරීන්ගේ ක්‍රියා කලාපය හේතුවෙන් ණයවර ලිපි නිකුත් කිරීම දීර්ඝ කිරීමේ කටයුතු සිදුකිරීමට බාධා එල්ලවී ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Share This