web hit counter
ශිෂ්‍යත්ව විභාගය ගැන නිවේදනයක්

ශිෂ්‍යත්ව විභාගය ගැන නිවේදනයක්

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ උපකාරක පංති, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම ඊයේ (11) මධ්‍යම රාත්‍රියේ සිට විභාගය අවසන් වන තෙක් තහනම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව, අදාළ තහනම කඩ කරන පුද්ගලයින්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව‍යි, විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේ.

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ලබන 15 වැනිදා පැවැත්වීමට නියමිතය මෙවර විභාගය මධ්‍යස්ථාන 2,888කදී පැවැත්වීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )