දක්ෂිණ අධිවේගයේ පින්නදූව පිවිසුම් මාර්ගය දෙපස පදිංචිකරුවන්ට දැනුම් දීමක්

දක්ෂිණ අධිවේගයේ පින්නදූව පිවිසුම් මාර්ගය දෙපස පදිංචිකරුවන්ට දැනුම් දීමක්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව පිවිසුම අතර මාර්ගය දෙපස පදිංචිකරුවන්ට එම ස්ථානයෙන් ඉවත් වන ලෙස දැනුම් දී තිබේ.

නාය යාමක් හේතුවෙන් අවහිර වූ මාර්ග කොටස යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු තවදුරටත් සිදු කෙරේ.

ඊයේ(11) රාත්‍රියේ පින්නදූව හා ඉමදුව අතර 102 වන කිලෝමීටරය ආසන්නයේ දී දක්ෂිණ අධිවේගී මාර්ගයට පස් කන්දක් කඩා වැටී තිබුණි.

එහි මෙහෙයුම් කටයුතු සඳහා ගිය විශේෂ කාර්ය බලකා සාමාජිකයන් ගොස් සිටියදී තවත් පස් කන්දක් කඩා වැටී ඇත.

ඉන් විශේෂ කාර්ය බලකා සාමාජිකයන් බරපතල තුවාල ලබා රෝහල් ගත කෙරුණි.

විශේෂ කාර්ය බලකා සාමාජිකයන් 4 දෙනෙකු හා සිවිල් වැසියන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

Share This