සාමාන්‍ය පෙළ විද්‍යා ප්‍රශ්න පත්‍රයට නිදහස් ලකුණු 02 ක්

සාමාන්‍ය පෙළ විද්‍යා ප්‍රශ්න පත්‍රයට නිදහස් ලකුණු 02 ක්

මේ දිනවල පැවැත්වෙන අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න දෙකක් සඳහා නිදහස් ලකුණු දෙකක් ලබාදීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

ඒ අනුව, විද්‍යාව 1 වන ප්‍රශ්න පත්‍රයේ 09 සහ 39 ප්‍රශ්න සඳහා එලෙස නිදහස් ලකුණු දෙක ලබාදීමට තීරණය කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.

එමෙන්ම ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය අවලංගු කිරීමක් සිදු නොවන බවයි, විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර වැඩිදුරටත් සඳහන් කළේ.

පසුගිය සතියේ පැවති සාමාන්‍ය පෙළ විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ගැටලුකාරි තත්වයක් පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය විය.

ඒ අදාළ විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කිහිපයක් අත්‍යවශ්‍ය ඉගැනුම් අන්තර්ගතයන්ට බාහිරව සකස් කර ඇති බවටයි.