අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය අලෙවි කළ යුතු මිල පරාසයන් ගැන දැනුම් දීමක්

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය අලෙවි කළ යුතු මිල පරාසයන් ගැන දැනුම් දීමක්

ලබන 19 වනදා දක්වා අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය අළෙවි කළ යුතු ඇස්තමේන්තු සිල්ලර මිල පරාසයන් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය නිකුත් කර තිබෙනවා.

භාණ්ඩ වර්ග 11 ක් ඊට ඇතුළත් කර තිබේ.

ඒ අනුව සුදු බිත්තරයක් රුපියල් 41 ත් 43 ත් අතර මිලකට සහ දුඹුරු බිත්තරයක් රුපියල් 45 ත් 47 ත් අතර මිලකට අළෙවි කළ යුතු වේ.

තිරිගු පිටි කිලෝවක් රුපියල් 179 සහ 189 අතර මිලකටත්, සුදු සීනි කිලෝවක් රුපියල් 258 ත් 175 ත් අතර මිලකටත්, පරිප්පු කිලෝවක් රුපියල් 288ත් 302 ත් අතර මිලකට අළෙවි කළ යුතු බවයි පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය සදහන් කළේ.