වනිඳු නැවතත් අංක එකට

වනිඳු නැවතත් අංක එකට

ICC නවතම ශ්‍රේණිගත කිරීම් අනුව විස්සයි 20 තුන් ඉරියව් ක්‍රීඩකයින් අතර පෙරමුණට පැමිණීමට ශ්‍රී ලංකා විස්සයි 20 නායක වනිඳු හසරංගට හැකියාව ලැබී තිබේ.

ඒ, අනුව ඔහු විස්සයි 20 තුන් ඉරියව් ක්‍රීඩකයින් ශ්‍රේණිගත කිරීම්වල බංග්ලාදේශ ක්‍රීඩක ෂකිබ් අල් හසන් සමඟ සමතැන ගෙන සිටී.

එමෙන්ම එම ශ්‍රේණිගත කිරීම් වල 3 වන ස්ථානයට ඇෆ්ගනිස්ථානයේ මොහොමඩ් නබී පත්ව ඇත.

අයි. සී. සී නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාවේ දසුන් ශානක 18 වන ස්ථානයට පත්ව සිටී.

විස්සයි 20 පිතිකරුවන් අතර ඉන්දියාවේ සූර්යකුමාර් යාදව් පෙරමුණේ පසුවන අතර පන්දු යවන්නන් අතර 2 වන ස්ථානය වනිඳු හසරංගට හිමිව තිබේ.

එහි පෙරමුණේ පසුවන්නේ එංගලන්ත ක්‍රීඩක උස්මාන් රෂීඩ්.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුසිලය නිකුත්කළ විස්සයි 20 තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ නවතම ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුව පහතින්.