ජැක්සන් ඇන්තනී මහතාගේ අවසන් කටයුතු අද

ජැක්සන් ඇන්තනී මහතාගේ අවසන් කටයුතු අද

අභාවප්‍රාප්ත ජැක්සන් ඇන්තනී මහතාගේ දේහයට නිවසේදී මහජන ගෞරව දැක්වීම අද (12 ) දහවල් 12 ට අවසන් කෙරෙන බව පවුලේ ඥාතීන් සඳහන් කරනවා

මේ වනවිට දේහය තැන්පත් කර තිබෙන්නේ 90/A, 58 වනිගසූරියවත්ත, රාගම පාර, කඩවත පිහිටි ඒ මහතාගේ නිවසේයි

නිවසේ ආගමික කටයුතු අවසන් කිරීමෙන් අනතුරුව අවමංගල පෙරහැර රාගම පේදුරු පාවුළු දේවස්ථානයට ළඟාවීම සිදු කෙරෙනවා

ජැක්සන් ඇන්තනී මහතා ඉගෙනුම ලැබූ හපුගොඩ ශාන්ත මරියා ආදර්ශ විද්‍යාලය සහ ගලහිටියාව මධ්‍ය විද්‍යාලීය පාසල් සිසු සිසුවියන්ගේ බුහුමන් මැද දේහය දේවස්ථානය වෙත ගෙන යනු ඇති

සවස 3 ට ආගමික පිළිවෙත් ආරම්භ කෙරෙන අතර පසුව අවමංගල සභාව පැවැත්වීමෙන් අනතුරුව සවස 5ට දේහය මිහිදන් කිරීම සිදු කිරීමට නියමිතයි.

Share This