ඊශ්‍රායල් රැකියා බලාපොරොත්තුවෙන් ඉන්න අයට සුබ පණිවුඩයක්

ඊශ්‍රායල් රැකියා බලාපොරොත්තුවෙන් ඉන්න අයට සුබ පණිවුඩයක්

ශ්‍රි ලංකාව නොබැඳි ජාතීන්ට අයත් රටක් වන බැවින් වෙනත් රටවල දේශපාලන කටයුතු වලට බලපෑම් කළ නොහැකි බවත්, පාර්ලිමේන්තුවේ උද්ඝෝෂණ කිරීමෙන් ඊශ්‍රායල් යුද්ධය නතර කිරීමට නොහැකි බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු විපක්ෂයේ ඇතැම් දේශපාලන කණ්ඩායම් මුස්ලිම් ජනතාවගේ ජන්ද ලබාගැනීමේ අරමුණෙන්, ශ්‍රි ලංකාවේ තරුණයින්ගේ අනාගතය බිල්ලට ගෙන ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පැවති වැඩසටහනකට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව කීය.

“ඊශ්‍රායල් රස්සා නැති කරන්න මේ උත්සහ කරන්නේ. අපි සැලසුම් කරලා තියෙනවා 40000 ට අධික පිරිසක් ඊශ්‍රායලයේ වැඩි වැටුප් සහිත රැකියාවලට යවන්න. එහෙම ගියාම සාර්ථක ව්‍යාපාරිකයින් විදිහට අපේ ගම්වල තරුණයින්ට ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන්” යනුවෙන්ද අමාත්‍යවරයා කීය.