නව සන්ධානයකට සාකච්ඡාවක්

නව සන්ධානයකට සාකච්ඡාවක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල ද සිල්වා පාර්ශ්වයේ නියෝජිතයින් සහ රජයේ අමාත්‍යවරුන් අතර සාකච්ඡාවක් අද පවත්වා තිබේ.

එහිදී නව සන්ධානයක් පිහිටුවීම සම්බන්ධයෙන් සාකච්ඡා වූ බවයි, සාකච්ඡාවට එක්වූ නියෝජිතයින් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේ.

අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත, නලීන් ප්‍රනාන්දු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නිමල් ලන්සා සහ අනුර ප්‍රියදර්ශන යාපා යන මහත්වරුන් රජය නියෝජනය කරමින් සාකච්ඡාවට එක් වී තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක යන මහත්වරුන් එම සාකච්ඡාවට සහභාගි වී තිබේ.