බෙලිඅත්ත ඝාතනයේ ප්‍රධාන සැලසුම්කාරිය අත්අඩංගුවට

බෙලිඅත්ත ඝාතනයේ ප්‍රධාන සැලසුම්කාරිය අත්අඩංගුවට

අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා මහතා ඇතුළු පුද්ගලයින් 05 දෙනෙකු ඝාතන සිද්ධියේ ප්‍රධාන සැලසුමිකාරිය වන ප්‍රධාන වෙඩික්කරුගේ බිරිඳ සහ පියා පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පවසන පරිදි එම සිද්ධියේ සැකකාර වෙඩික්කරු දැනට නාවික හමුදාවෙන් විශ්‍රාම වැටුප් ලබන හිටපු නාවික හමුදා භටයෙකි.

2024.01.22 දින බෙලිඅත්ත ප්‍රදේශයේදී මෙම පංච පුද්ගල ඝාතනය සිදු කෙරුණි.

කලක් නාවික හමුදාවේ සේවය කර මේ වනවිට විශ්‍රාම වැටුප් ලබන නාවික හමුදා සෙබලෙකු වන මෙම ඝාතනයේ ප්‍රධාන වෙඩික්කරුගේ වයස අවුරුදු 39ක් වන බිරිඳ හා එයට අනුබල දුන් වයස අවුරුදු 72ක් වන පියා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

හෙරොයින් ග්‍රෑම් 21යි මිලි ග්‍රෑම් 350 ක් සමග පල්ලෙවෙල පොලිස් වසමේ පාතගම, මුද්දරගම සැඟවී සිටියදී සැකකරු සහ සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත.

මොවුන්ගෙන් කරනු ලබන ප්‍රශ්න කිරීම් වලදී ප්‍රධාන වෙඩික්කරු වන විශ්‍රාමික නාවික හමුදා සෙබළා ජනවාරි මස 21 වන දින බස් රථයෙන් බෙලිඅත්ත ප්‍රදේශයට පිටව ගොස් 22 වන දින තවත් වෙඩික්කරුවන් දෙදෙනෙකු සමග මෙම ඝාතනය සිදු කර ඩුබායි රාජ්‍යය වෙත පළාගොස් ඇති බවටත් පවසා ඇත.

ඔවුන්ට රටින් පළායාම සඳහා ඩුබායි රාජ්‍යයේ සිටින නිපුන නැමැත්තා විසින් ගුවන් ටිකට්පත් සකසා දී ඇති බවටයි කරුණු හෙළිව ඇත්තේ.

විශේෂ කාර්ය බලකායේ අධීක්ෂණය යටතේ විශේෂ කණ්ඩායම් 6ක් යොදවමින් මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කෙරුණු අතර මේ වන විට සැකකරුවන් 6 දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන තිබේ.