web hit counter
නැගෙනහිර ආණ්ඩුකාර සෙන්දීල්ගේ නිල රථය යතුරුපැදියක ගැටෙයි

නැගෙනහිර ආණ්ඩුකාර සෙන්දීල්ගේ නිල රථය යතුරුපැදියක ගැටෙයි

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දීල් තොණ්ඩමන් මහතා ගමන් ගත් රථයේ ගැටී ඊයේ (19) සවස යතුරුපැදි කරුවෙක් තුවාල ලබා තිබේ.

අක්කරපත්තුව අම්පාර මාර්ගයේ කොතලාවල හන්දිය අසල දී ඊයේ සවස 3.30ට පමණ ආණ්ඩුකාරවරයා ගමන් ගත් නිල රථයේ එම යතුරු පැදිය ගැටී ඇත.

අනතුරට ලක් වූ පැදිකරු සහ පසුපැදිකරු රෝහල්ගත කර තිබේ. අනතුරින් ආණ්ඩුකාරවරයාගේ රථයට හානි සිදුවී තිබේ.

අනතුර සිදුකිරීමේ වරදට ආණ්ඩුකාරවරයාගේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස් කර ඇතැයි පොලිසිය පවසයි.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )