‘කොස්ගොඩ සුජී’ අබුඩාබිහිදී පොලිස් අත්අඩංගුවට!

‘කොස්ගොඩ සුජී’ අබුඩාබිහිදී පොලිස් අත්අඩංගුවට!

මෙරට ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු ලෙස හැඳින්වෙන ‘කොස්ගොඩ සුජී’ නමැත්තා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි හිදී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.

මාස කිහිපයක් පුරා සිදුකළ මෙහෙයුමක ප්‍රතිපලයක් ලෙස කොස්ගොඩ සුජී නමැත්තා මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

මෙරට සිදුවූ මනුෂ්‍ය ඝාතන ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් කොස්ගොඩ සුජී නමැත්තාට චෝදනා එල්ල වී තිබෙන අතර ඉකුත් ජනවාරි 22 වනදා බෙලිඅත්ත ප්‍රදේශයේ දී අපේ ජන බල පක්ෂයේ නායක, සමන් පෙරේරා ඇතුලු 5 දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ද ඔහුට චෝදනා එල්ල වුණි.

කෙසේවෙතත් කොස්ගොඩ සුජී අබුඩාබිහි රැඳී සිට ඇත්තේ ව්‍යාජ නමකින් බවටයි, වැඩිදුරටත් අනාවරණ වී ඇත්තේ.