web hit counter
ක්‍රිකට් නඩුවට අධිකරණයෙන් අද ලැබුණු නියෝගය

ක්‍රිකට් නඩුවට අධිකරණයෙන් අද ලැබුණු නියෝගය

ක්‍රිකට් අතුරු පාලන කමිටුව අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමට අදාල පෙත්සම විභාගය ලබන 22වැනිදා තෙක් කල් තැබීමට අභියාචනාධිකරණය අද (20) නියෝග කළේය.

ඒ, එම පෙත්සම සෝභිත රාජකරුණා සහ ඩී. එන්. සමරකෝන් යන විනිසුරුවරුන් ඉදිරියේ කැඳවූ අවස්ථාවේදියි.

එදින තෙක් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග නොගන්නා බවට අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා අභියාචනාධිකරණයට දන්වා සිටියේය.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )