මියගිය බව කියූ පූනම් පාණ්ඩේ ජීවතුන් අතර

මියගිය බව කියූ පූනම් පාණ්ඩේ ජීවතුන් අතර

ගැබ්ගෙල පිළිකාවකින් මියගිය බවට ඊයේ (02) දිනයේ වාර්තාවූ ඉන්දීය මෝස්තර නිරූපිකාවක් හා රංගන ශිල්පිනියක් වන පූනම් පාණ්ඩේ තමන් ජීවතුන් අතර සිටින බව නිවේදනය කර තිබේ.

ඉන්ස්ටග්‍රෑම් හි ඇය සිය නිවේදනය පළ කළේ, පූනම් පාණ්ඩේ ගැබ්ගෙල පිළිකාවක් හේතුවෙන් මිය ගිය බවට ඇයගේ කළමනාකරු ප්‍රකාශ කිරීමෙන් දිනකට පසුවය.

පූනම් පාණ්ඩේ මියගිය බවට සැලවීමත් සමග රංගන ශිල්පීන් ඇතුළු විශාල පිරිසක් ශෝකය පළ කර තිබුණි.

“මම ජීවතුන් අතර ඉන්නවා. මම ගැබ්ගෙල පිළිකාවෙන් මැරුණේ නැහැ. අවාසනාවකට ගැබ්ගෙල පිළිකාව නිසා ජීවිත අහිමි වූ සිය දහස් ගණනක් කාන්තාවන් ඉන්නවා”

“මෙම කඳුළු ඇතිවීමට මට කණගාටුයි, මා නිසා රිදුණු අය ගැන මට කණගාටුයි. මගේ අභිප්‍රාය අපි ප්‍රමාණවත් ලෙස කතා නොකරන – ගැබ්ගෙල පිළිකාව ගැන කතා කිරීමට අවශ්‍ය පසුබිම සකස් කිරීම සියලු දෙනා කම්පනයට පත් කිරීමයි,” ඇය තවත් සමාජ මාධ්‍ය සටහනක කියා තිබුණාය.

ඇය කීවේ ඇයගේ “මරණය” පිළිබඳ සටහන ගැබ්ගෙල පිළිකාව පිළිබඳ සංවාදයක් ආරම්භ කිරීමට සහ දැනුවත් කිරීම සඳහා වූ ගත් උත්සාහයක් බව ය.

“අනෙකුත් පිළිකා මෙන් නොව ගැබ්ගෙල පිළිකාව සම්පූර්ණයෙන්ම වළක්වා ගත හැකියි. ප්‍රධානතම දෙය වන්නේ HPV එන්නත සහ කලින් හඳුනාගැනීමේ පරීක්ෂණ වලය. මෙම රෝගය නිසා කිසිවකුගේ ජීවිතය අහිමි නොවන බව සහතික කිරීමට අපට ක්‍රම තිබේ,” ඇය කීවේ ඇය එවැනි ක්‍රමයක් අනුගමනය කරමින් සමාජය දැනුම්වත් කළ බවය.

කෙසේ වෙතත් රෝගය පිළිබඳව දැනුවත් කිරීම සඳහා “ඇගේ මරණය ව්‍යාජ ලෙස ප්‍රකාශ කිරීම” සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් විසින් පූනම් පාණ්ඩේ දැඩි ලෙස විවේචනයට ලක් කරමින් ඇත.

ඊයේ දිනයේදී පූනම් පාණ්ඩේගේ කණ්ඩායම ප්‍රකාශයක් නිකුත් කර තිබුණේ නිරූපිකාව ගැබ්ගෙල පිළිකාවක් හේතුවෙන් මිය ගිය බවය. මෙම නිවේදනය විනෝදාස්වාද ක්ෂේත්‍රයේ සියලු දෙනා කම්පනයට පත් කර තිබුණි. දින තුනකට පෙර ගෝවා හි පැවති උත්සවයකදී බොහෝ දෙනෙක් නිරූපිකාව දැක ඇති බැවින් ඇයගේ මරණය සම්බන්ධ ප්‍රවෘත්තිය ගැන බොහෝ දෙනෙක් අවිශ්වාසය පලකරමින් සිටියහ.

පූනම් පාණ්ඩේ සමාජය තුළ කථිකාවට ලක්වන්නේ අමුතු ආකාරයටය. දැනට 32 හැවිරිදි පූනම් 20 හැවිරිදි වියේ පසුවෙද්දී 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේදී ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කළහොත් තමන් ඇඳුම් ගලවා නිරුවත් වන බව පවසමින් වීඩියෝ පණිවිඩයක් පළ කළාය. ඒ සමගම ඇය ප්‍රසිද්ධියට පත් විය. ඉන්දියාව ලෝක කුසලානය ජයග්‍රහණය කළ පසු ඇය ඇඳුම් ගැලවීමට සූදානම් වුව ද ඊට බරපතල විරෝධයක් මතුවිය. පසු කලෙක ඇය වෙන්කඩේ ක්‍රීඩාංගනය පසුබිමේ රාත්‍රි කාලයේ ඇයගේ නිරුවත් දර්ශනයක් සමාජ මාධ්‍ය ඔස්සේ පල කර තිබිණි.

ඇගේ ප්‍රියතම කණ්ඩායම වන කොල්කටා නයිට් රයිඩර්ස් ඊළඟ වසරේ IPL ජයග්‍රහණය කරන විටත් ඇය සිය නිරුවත් ඡායාරූපයක් පළ කළාය. නිරුවත් චිත්‍රපට රූගත කිරිම් සඳහා එක්වීම සම්බන්ධව ඇය අත් අඩංගුවට පත් වූවාය. ඒ 2020 වසරේදී ය.

Share This