යුද්ධයෙන් මියගිය පිරිස් සිහිකොට පහනක් දල්වන්නට ඔබත් එන්න

යුද්ධයෙන් මියගිය පිරිස් සිහිකොට පහනක් දල්වන්නට ඔබත් එන්න

තිස්වසරක යුද්ධයේදී දකුණේත් උතුරේත් මියගිය පිරිස් සිහිකොට අනුස්මරණය කිරීමේ වැඩසටහනක් ලබන 17 වන සිකුරාදා
සවස 6.00 ට කොළඹ 7, විහාර මහාදේවී උද්‍යානය ඉදිරිපිට (බුදු පිළිමය) පැවැත්වීමට කටයුතු සුදානම් කර තිබේ.

මෙම වැඩසටහන හරහා උතුරත් දකුණත් අතර සැබෑ සංහිඳියාව ඇතිකොට මිත්‍රත්වයේ දෑත් දිගුකිරීම මෙහි මූලික අරමුණ බවයි සංවිධායකයන් පෙන්වා දෙන්නේ.

පක්ෂ විපක්ෂ මැති ඇමතිවරු මෙන්ම සිවිල් සංවිධාන වල සහභාගීත්වයෙන් පැවත්වෙන මෙම වැඩසටහනේදී මියගිය සියලු දෙනා සිහිකොට එක්පහනක් දැල්වීමට නියමිත බව පැවසේ.

ඇතැම් දේශපාලන පක්ෂ සංවිධාන විසින් විවිධ කාල වල සංහිඳියාව ඇති කිරීම උදෙසා විවිධ ව්‍යාපෘති සිදුකළත් සැබෑ සංහිඳියාව ළඟා කර ගැනීමට හැකියාවක් උදා නොවු බවත් අවස්ථාවාදී දේශපාලන න්‍යායන් ඊට හේතුව බවත් සංවිධායකින් පැවසයි.

එහෙත් මෙවර උත්සහ ගන්නේ දිනාගත් සාමය සැබෑ සාමයක් සහ සැබෑ සංහිඳියාව ඇති කිරීමට බවයි සංවිධායකයන් පවසන්නේ.

එබැවින් උස් පහත් බේදයක් නොමැතිව සියලු දෙනාටම සමසුන් ලබාදෙන්නට සංවිධාන කණ්ඩායම කටයුතු කර ඇත්තේ මියගිය අය මෙන්ම ජීවත්ව සිටින අය උදෙසා ද ගෞරවයක් වශයෙනි.