කෙහෙළිය රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

කෙහෙළිය රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ලබන 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඔහු අද (03) පෙරවරුවේ මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කෙරුණි.

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනෝග්ලොබියුලින් ගෙන්වූ බවට වන සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඊයේ (02) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අමාත්‍යවරයා පැමිණි අතර එහිදී සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුවයි ඔහුව අත්අඩංගුවට ගැනුණේ.

එහිදී, හිටපු අමාත්‍යවරයාගෙන් ඊයේ පැය 10කට අධික කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කර ගෙන තිබුණි.