අද කාලගුණය

අද කාලගුණය

දිවයින ආශ්‍රිතව පහළ වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය තවදුරටත් පවතින බැවින් දිවයින පුරා වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එමෙන්ම දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 01 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව සඳහන්.

බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී.100 ක පමණ තද වැසි ඇතිවිය හැකියි.

මීට අමතරව, බස්නාහිර, දකුණු සහ නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි ඇතිවිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි, එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.