ඉන්දියාවේ සිකිම් ප්‍රාන්තයේ ගංවතුරෙන් මියගිය ගණන ඉහළට

ඉන්දියාවේ සිකිම් ප්‍රාන්තයේ ගංවතුරෙන් මියගිය ගණන ඉහළට

පසුගිය සතියේ ඇති වූ හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් ඉන්දියාවේ සිකිම් රජය විසින් ප්‍රාන්තයේ මරණ 33 ක් තහවුරු කර තිබෙන බව විදෙස් මාධ්‍ය පවසයි.

එමෙන්ම අසල්වැසි බටහිර බෙංගාලයේ ජල්පයිගුරි දිස්ත්‍රික්කයේ තීස්ටා ගං ඉවුරේ තිබී තවත් සිරුරු 40ක් පමණ සොයාගෙන ඇති බවද සඳහන්.

හදිසි ගංවතුරෙන් විපතට පත් වූවන් අතර යුද හමුදා සාමාජිකයින් 8 දෙනෙකු ද වන අතර සොල්දාදුවන් අට දෙනා ඇතුළුව මියගිය සියලුම දෙනාගේ සිරුරු 10 ක් පමණක් හඳුනාගත හැකි බව නිල ආරංචි මාර්ග සඳහන් කර තිබේ.

ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව පවතින අතර, උතුරු සිකිම් ප්‍රාන්තයේ සෙසු ප්‍රදේශවලින් පසුගිය දින හය තුළ පුද්ගලයින් 5,000 කට වැඩි පිරිසක් ඉවත් කර ඇති බවද සඳහන්.

ඉන්දීය හමුදාව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, අතුරුදන් වූ සිය සෙබළුන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බවයි.

එමෙන්ම අතුරුදන් වූ සෙබළුන් 23 දෙනාගෙන් එක් අයකු පසුගිය සතියේ බේරා ගැනුණු බවද ඉන්දීය හමුදාව පවසයි.

උතුරු සිකිම් හි Lachen, Lachung, Thangu සහ Chungthang හි අතරමංව සිටින සංචාරකයින් 1,700 ක් පමණ සිටින බවත් ආහාර, වෛද්‍ය ආධාර, සන්නිවේදන පහසුකම් ඔවුන්ට අවශ්‍ය පරිදි සපයන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පවතින අයහපත් කාලගුණයත් සමග සංචාරකයින් ඉවත් කරන තුරු ඔවුන් ආරක්ෂිතව තබා ගැනීමට යුද හමුදාව සියලු උත්සාහයන් දරමින් සිටින බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Share This