පරි­ස­ර­වේ­දි­යකු නිවෙසින් ගිනිඅවි සහ පතොරම් හමුවේ

පරි­ස­ර­වේ­දි­යකු නිවෙසින් ගිනිඅවි සහ පතොරම් හමුවේ

මේ වන විට මිය­ගොස් සිටින පරි­ස­ර­වේ­දි­යකු වන අනුර නිහාල් වීර­ක්කොඩි මහතා පදිං­චිව සිටි පිළි­ය­න්දල හොරණ පාරේ හොන්න­ත්තර පිහිටි නිවෙසේ තිබී ගිනි අවි සහ පත­රොම් රැසක් සොයා­ගෙන තිබේ.

ටී-56 අවි­යක්, මැග­සින් 04ක්, ටී-56 පත­රොම් 116ක්, බෝර 12 වර්ගයේ ගිනි අවි­යක් සහ මෝටාර් උණ්ඩ­යක් ඒ අතර තිබී ඇත.

නිවෙසේ උඩු­ම­හලේ සොල්දර තට්ටුවේ යන්ත්‍ර උප­ක­රණ කාම­රය නිහාල් වීර­ක්කොඩි මහ­තාගේ පුතා විසින් පරීක්ෂා කිරී­මේදී මෙම ගිනි අවි හමු වී තිබේ.

පරි­ස­ර­වේ­දි­යාගේ බිරිය වන ජය­සේ­කර කංකා­න­ම්ලාගේ සම­න්තිකා සහ පුතා වන සංඛ මිහි­නාත් වීර­ක්කොඩි කැස්බෑව පොලි­සි­යට ඒ ගැන පෙරේදා (14) කළ දැනු­ම්දී­ම­කට අනුව පොලි­සිය පැමිණ එම අවි සහ පත­රොම් සිය භාර­යට ගෙන ඇත.

ටී-56 අවියේ අනු­ක්‍ර­මික අංකය මකා දමා තිබී ඇත. බෝර 12 අවිය බල­පත්‍ර සහිත එකක් බවත් එහි අංක තිබී ඇත්තේ මකා දමා බවත් පොලි­සිය කියයි.

මෙම අවි තිබුණු කාම­රය ගබ­ඩා­වක් ලෙස පරි­ස­ර­වේ­දියා විසින් පව­ත්වා­ගෙන ගිය එකක් බව ඔහුගේ බිරිය පොලි­සි­යට පවසා ඇත. පරි­ස­ර­වේ­දියා 2022 වසරේ අප්‍රේල් 05 වැනිදා මිය­ගොස් තිබේ. මිය යන විට ඔහුගේ වයස අවු­රුදු 67ක් බව පැවසේ.

අනුර නිහාල් වීර­ක්කොඩි නමැති මෙම පරි­ස­ර­වේ­දියා 1991 වර්ෂයේ සිට 1996 වර්ෂය දක්වා ජපා­නයේ රැකි­යා­වක් කර 1996 වර්ෂයේ ලංකා­වට පැමිණ 1998 වර්ෂ­යේදී ඉහත කාන්තාව සමඟ විවාහ වී මෙම නිවෙසේ පදිං­චිව සිට ඇති බවට විම­ර්ශ­න­ව­ලදී අනා­ව­ර­ණය වී තිබේ.

පරි­ස­ර­වේ­දි­යකු වශ­යෙන් දිව­යිනේ විවිධ ප්‍රදේ­ශ­වල හා වනා­න්තර තුළ කඳ­වුරු බැඳ ඔසු ගවේ­ෂ­ණ­වල නිරත වූ අයකු බවත් ඉහත ගබ­ඩාව ඔහු පරි­හ­ර­ණය කර ඇත්තේ ඔහුගේ ගවේ­ෂ­ණ­ව­ලට අවශ්‍ය උප­ක­රණ ගබඩා කර තැබී­මට බව­ටත් තොර­තුරු විම­ර්ශ­න­යේදී අනා­ව­ර­ණය වී ඇත.

සැමියා මිය යෑමෙන් පසුව පළමු වරට මෙම ගබ­ඩාව සිය පුතා සමඟ පිරි­සුදු කිරී­මට යෑමේදී පෙරේදා (14) මෙම අවි හා උණ්ඩ තිබූ බව බව පොලිස් ස්ථානය වෙත ඉදි­රි­පත් කළ පැමි­ණිල්ලේ සඳ­හන්ය.

මේ සම්බ­න්ධ­යෙන් කැස්බෑව පොලි­සියේ ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක සම­ර­සිංහ මහ­තාගේ උප­දෙස් මත අප­රාධ විම­ර්ශන අංශය ඉදිරි පරී­ක්‍ෂණ පැවැ­ත්වී­මට නිය­මි­තය.