සාපෙළ විභා­ගය නිම වී ගෙදර යමින් සිටි සිසු­විය මඟදී පැහැ­ර­ගෙන

සාපෙළ විභා­ගය නිම වී ගෙදර යමින් සිටි සිසු­විය මඟදී පැහැ­ර­ගෙන

මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභා­ග­යට පෙනී සිට නිවෙස බලා යමින් සිටි 16 හැවි­රිදි සිසු­වි­යක වෑන් රථ­ය­කින් පැහැ­ර­ගෙන යමින් සිටි තරු­ණ­යන් සිව්දෙ­නෙක් කටු­ග­ස්තොට කුළු­ග­ම්මන යටි­හ­ල­ගල ප්‍රදේ­ශ­යේදී අල­දෙ­ණිය පොලි­සියේ නිල­ධා­රීන් කණ්ඩා­ය­මක් විසින් අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.

සිසු­විය දහ­වල් 12.30 ට පැහැ­ර­ගෙන තිබෙන අතර පැයක කාල­ය­කදී සැක­ක­රු­වන් අත්අ­ඩං­ගු­වට ගන්නා විට ඔවුන් හල්ඔ­ළුව මාර්ගය ඔස්සේ පේරා­දෙ­ණි­යට ගමන් කර­මින් සිට ඇත.

අත්අ­ඩං­ගු­වට ගත් පුද්ග­ල­යන් සිව්දෙනා අතර සිටින විසි­හ­තර හැවි­රිදි තරු­ණ­යකු මෙම සිසු­විය හා ප්‍රේම සම්බ­න්ධ­යක් පවත්වා තිබෙන බවට පොලිස් පරී­ක්ෂණ මඟින් අනා­ව­ර­ණය වී තිබේ.

විවා­හ­ක­යකු වන එම සැක­කරු හිටපු හමුදා සෙබ­ළකු වන අතර ඔහු කොස්ගොඩ ප්‍රදේ­ශයේ පදිං­චි­ක­රු­වකු බව පොලි­සිය පවසයි.

පොලො­න්න­රුව ප්‍රදේ­ශයේ පදිංචි සිසු­වි­යගේ සහෝ­ද­ර­යකු හමුදා සේවයේ නියු­ක්තව සිටින බවත් ඔහු සමඟ අවස්ථා ගණ­නා­ව­කදී නිවෙ­සට පැමිණ තිබෙන ප්‍රධාන සැක­කරු සිසු­විය හා ප්‍රේම සම්බ­න්ධ­යක් ඇති කර ගැනී­මෙන් පසුව ඇයව රැගෙන ගොස් වෙනත් නිවෙ­සක නවත්වා තිබෙන බවත් පරී­ක්ෂණ මඟින් හෙළිව ඇත.

ඔහු විවා­හ­ක­යකු බව දැන ගැනී­මෙන් පසු සිසු­විය යළි පොලො­න්න­රුවේ නිවෙස කරා පැමිණ ඇත. අදාළ තරු­ණ­යා­ගෙන් නිතර සිදු­වන බල­පෑම් හේතු­වෙන් මවු­පි­යන් ඇයව මහ­නු­වර කුළු­ග­ම්මන ප්‍රදේ­ශයේ ඥාති නිවෙ­සක නතර කර ඇත.

ප්‍රධාන සැක­කරු එම නිවෙ­සට ද පැමිණ සිසු­විය රැගෙන ගොස් තිබෙන බව පොලි­සිය පව­සයි.

මෙවර සාමාන්‍ය පෙළ විභා­ග­යට පෙනී සිටී­මට අවශ්‍ය බව පවසා ඇය යළිත් කුළු­ග­ම්මන නිවෙ­සට පැමිණ ඇත. විභා­ගය නිමා වීමෙන් පසු ඇය තමන් සමඟ නොපැ­මිණේ යැයි සිතා පැහැර ගැනීම සිදු කළ බව සැක­කරු පොලි­සි­යට පවසා තිබේ.

කුළු­ග­ම්මන ප්‍රදේ­ශයේ පාස­ලක අධ්‍යා­ප­නය ලැබ තිබෙන සිසු­විය නුග­වෙල මධ්‍ය මහා විදු­හ­ලේදී සාමාන්‍ය පෙළ විභා­ග­යට පෙනී සිට ඇත.

විභා­ගය අව­සන් වී ඇය මිතු­රන් දෙදෙ­නකු සමඟ යළි නිවෙ­සට යමින් සිටි­යදී වෑන් රථ­යෙන් පැමිණි පිරිස බල­හ­ත්කා­ර­යෙන් ඇයව වෑන් රථ­යට නංවා­ගෙන පලා­ගොස් තිබේ.

එම අව­ස්ථා­වේදී ඇය අසල සිටි අනෙක් සිසුන් දෙදෙනා වෑන් රථයේ අංකය සට­හන් කර ගැනී­මෙන් පසු පොලිස් හදිසි ඇමැ­තුම් අංශ­යට සිද්ධිය දැනුම් දී ඇත.

හදිසි ඇම­තුම් අංශය මඟින් අල­දෙ­ණිය පොලිස් ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක සේනා­රත්න මහ­තාට ඒ බව දැනුම් දීමෙන් පසු පොලිස් කණ්ඩා­යම් දෙකක් වහා ක්‍රියා­ත්මක වී සිද්ධි­යෙන් පැයක් ගත­ව­න්නට මත්තෙන් සැක­ක­රු­වන් අත්අ­ඩං­ගු­වට ගැනී­මට සමත්ව තිබේ.

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභා­ගයේ අව­සන් දිනය වූ ඊයේ (15) සෑම විදු­හ­ලක් අස­ලම විශේෂ පොලිස් ආර­ක්ෂා­වක් යොදා තිබූ අතර අල­දෙ­ණිය පොලි­සියේ නිල­ධා­රීන් ද එම ආර­ක්ෂක කට­යු­තු­වල නිරත වීම නිසා සැක­ක­රු­වන් පහ­සු­වෙන් අත්අ­ඩං­ගු­වට ගැනී­මට හැකිව ඇත.

සැක­ක­රු­වන් සියලු දෙනා කොස්ගොඩ ප්‍රදේ­ශයේ පදිං­චි­ක­රුවෝ වෙති. ප්‍රධාන සැක­ක­රුගේ බිරිය ඔහුව අත්හැර ගොස් තිබෙන බව පොලි­සිය පව­සයි.

සිසුවිය පැහැරගෙන ගිය මෝටර් රථය