තැපැල් දෙපාර්තමේන්තුවෙන් හදිසි දැනුම් දීමක්

තැපැල් දෙපාර්තමේන්තුවෙන් හදිසි දැනුම් දීමක්

තම නිල වෙබ් අඩවිය කිසිදු මාර්ගගත ගනුදෙනුවක් සඳහා පහසුකම් සලසා නොමැති බව ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

තැපැල් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක් නිර්මාණය කර, මහ ජනතාවගේ ණය කාඩ්පත් සහ හර කාඩ්පත්වල තොරතුරු ලබා ගන්නා වංචනික ක්‍රියාවක් සම්බන්ධයෙන් පසුගිය දා තොරතුරු අනාවරණය වී තිබිණි.

ඒ පිළිබඳව දැනුවත් කරමින් තැපැල් දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ, එවැනි ආකාරයේ කිසිදු මාර්ගගත ගනුදෙනුවක් සඳහා සිය වෙබ් අඩවිය පහසුකම් සලසා නොමැති බවය.

එමෙන්ම, වංචනිකයින් විසින් සිය දෙපාර්තමේන්තුවේ වෙබ් ලිපියනය ද අවභාවිත කරනු ලැබ ඇතැයි එම දෙපාර්තමේන්තුව පැවසීය.

අදාළ වෙබ් අඩිවිය සබැඳිව පුද්ගලයින් වෙත දුරකතන මාර්ගයෙන් කෙටි පණිවුඩයක් යොමු කර ඇණවුම් කර ඇති පාර්සලයක් සඳහා සුළු ගෙවීමක් සිදු කළ යුතු බවට පවසමින් මෙම වංචාව සිදුකර තිබේ.

කෙසේ වෙතත්, මෙම ක්‍රියාව සිදුකරන වංචනිකයන්ට හසු නොවන ලෙස මහ ජනතාවට තැපල් දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

මේ සම්බන්ධයෙන් යම් පැමිණිල්ලක්, විමසීමක් හෝ පැහැදිලි කිරීමක් අවශ්‍ය වන්නේ නම්, 1950 හදිසි ඇමතුම් අංශයෙන් හෝ තැපැල් මූලස්ථානය අමතන ලෙස එම දෙපාර්තමේන්තුව මහ ජනතාව වෙත දැනුම් දෙයි.

Share This