මදුෂ්ගේ ගෝලයෙකු කෝටියකට අධික අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට

මදුෂ්ගේ ගෝලයෙකු කෝටියකට අධික අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට

මියගිය පාතාල කල්ලි නායක මාකදුරේ මදුෂ්ගේ අපරාධ ජාලය මෙහෙයවූ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන වතුපිටිය පතිරණගේ දමිත් ප්‍රභාසිත අත්තනායක හෙවත් “මාකොල සුද්දා” රුපියල් එක්කෝටි 20 ලක්ෂයකට අධික අයිස් මත්ද්‍රව්‍ය හා මුදල් තොගයක් සමග පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකායේ බුද්ධි අංශවලට ලැබුණු තොරතුරකට අනුව කෙරවලපිටිය අධිවේගී පිවිසුම අසළදී සැකකටයුතු මෝටර් රථයක් පරික්ෂා කිරීමට උත්සහ කර තිබේ.

එහිදී විශේෂ කාර්ය බලකා නිලධාරියෙකු අනතුරට ලක් කරමින් රථය පලා යාමට උත්සහ දරා තිබේ.

එහිදී මෝටර් රථය අනතුරට ලක්වූ අතර විශේෂ සේවා දොරටුවෙන් පළායාමට උත්සහ දැරීමේදී සැකකරු මෝටර් රථයෙන් ඉවතට පැන අධිවේගී මාර්ගය ඔස්සේ දිවගොස් තිබෙනවා.

විශේෂ කාර්ය බලකා නිලධාරීන් දැඩි පරිශ්‍රමයක් දරා සැකකරු අත්අඩංගුවට ගත් අතර ඔහු දමිත් ප්‍රභාෂිත අත්තනායක හෙවත් මාකොල සුද්දා ලෙසයි හදුනාගෙන ඇත්තේ.

මෝටර් රථයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 650ක්ද සොයා ගැනුණා.

ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී හෙලිවූ තොරතුරුමත අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 1යි ග්‍රෑම් 22 මිලිග්‍රෑම් 680ක් සමග තවත් සැකකරුවෙකුද ග්‍රෑන්ඩ්පාස්හිදි අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙම අනතුරින් තුවාල ලැබූ විශේෂ කාර්ය බලකායේ නිලධාරියා රාගම ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රථිකාර ලබමින් සිටී.

@newsi.lk

මධුෂ්ගේ ගෝලයෙක් කෝටියක අයිස් සමග ඇල්ලූ මෙහෙයුම foryoupage trand viral newsi newsi.lk police srilanka

♬ original sound – newsi.lk – newsi.lk
Share This