මන්නා රමේෂ් දිවයිනට රැගෙන එයි

මන්නා රමේෂ් දිවයිනට රැගෙන එයි

ඩුබායිහි දී අත්අඩංගුවට ගත් මෙරට සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක් ලෙස සැලකෙන රමේෂ් ප්‍රියජනක හෙවත් ‘මන්නා රමේෂ්’ නැමැත්තා සහ ඔහු ගේ ගෝලයන් බව කියන තිදෙනකු දිවයිනට රැගෙනවිත් තිබෙනවා.

අද (07) අලුයම 4.45 ඩුබායිහි සිට මෙරටට පැමිණි ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයකින් ඔහු මෙරටට රැගෙන විත් ඇති බවයි වාර්තා වුණේ.

මෙම පාතාලයන් සිව් දෙනා මෙරටට රැගෙන ඒම සඳහා රහස් පොලිසියේ සහකාර පොලිස් අධිකාරිවරයකුගේ ප්‍රධානත්වයෙන් යුත් පොලිස් කණ්ඩායමක් පෙරේදා ඩුබායි බලා පිටත්ව ගිය බව පොලිස් මූලස්ථානය කියයි.

රහස් පොලිසියේ භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතා ගේ මෙහෙයුම යටතේ එම විශේෂ රහස් පොලිස් කණ්ඩායම ඩුබායි බලා පිටත්ව ගොස් ඇත.

පාතාල කල්ලි නායකයකු ලෙස සැලකෙන මන්නා රමේෂ් නමැත්තා ඔහුගේ බිරිඳ සහ දරු දෙදෙනා සමග මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී එරට පොලිසිය අත්අඩංගුවට ගත්තේ මීට මාස දෙකකට පමණ ඉහතදීය.

ඉන්පසු ඔහුගේ ගෝලයන් තිදෙනෙක් ද එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ සිටියහ.

මන්නා රමේෂ් නමැත්තා රතු නිවේදන නිකුත් කර ඇති හතළිස් තුන්දෙනා ගේ ලයිස්තුවේ සිටින අයකු බව ද කියයි.

Share This