මල්වතු හිරිපිටියේ හිමිනමට වෙඩි තැබීමේ සිද්ධියට සැකකරුවෙක් අත්අඩංගුවට

මල්වතු හිරිපිටියේ හිමිනමට වෙඩි තැබීමේ සිද්ධියට සැකකරුවෙක් අත්අඩංගුවට

මල්වතු හිරිපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයකදී භික්ෂූන් වහන්සේ නමකට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

බස්නාහිර – උතුරු අපරාධ කොට්ඨාශය මගින් ඊයේ (07) රාත්‍රීයේ සිදු කළ විශේෂ මෙහෙයුමකදී අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බවද සඳහන්.

අත්අඩංගුවට ගත් සැකකරු ඝාතනය සඳහා යොදාගත් මෝටර් රථය ලබාදුන් පුද්ගලයා බව ද විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

සැකකරු සතුව තිබී ඝාතනය සඳහා යොදාගත් ටී – 56 ගිනිඅවිය ද සොයාගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

සැකකරු 29 හැවිරිදි හෝමාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව සදහන්.

පසුගිය ජනවාරි මස 23 වන දින මල්වතු හිරිපිටිවල ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ විසූ පූජ්‍ය කලපළුවාවේ ධම්මරතන හිමි ඝාතනයට ලක් වූ අතර මෝටර් රථයකින් පැමිණි පිරිසක් එම ඝාතනය සිදුකළ බවට අනාවරණය වී තිබිණි.

Share This