ලිට්‍රෝ ගෑස් මිල රුපියල් 1005 කින් පහළට

ලිට්‍රෝ ගෑස් මිල රුපියල් 1005 කින් පහළට

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 1005 කින් අඩු කළ බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසීය.

රුපියල් 4,743 ක්ව පැවති කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරයක් මෙම මිල පහත දැමීමත් සමඟ රුපියල් 3738 ක් දක්වා අඩුවූ බවත් රුපියල් 1,904 ක්ව පැවති කිලෝග්‍රෑම් 5 සිලින්ඩරයක් රුපියල් 1502 ක් දක්වා ද, රුපියල් 883 ක්ව පැවැති කිලෝග්‍රෑම් 2.3 සිලින්ඩරයක් රුපියල් 700 දක්වා ද, කොළඹ මිල පහත වැටුණ බවත් ඒ මහතා කීය.

ඒ අනුව කිලෝග්‍රෑම් 5 ක සිලින්ඩරයක මිල රුපියල් 402 කින්ද, කිලෝග්‍රෑම් 2.3 ක සිලින්ඩරයක මිල රුපියල් 183 කින් ද, අඩු කළ බවත් නව මිල අද (4) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බවත් මුදිත පිරිස් මහතා කීය.