කප්පම් ගන්න විශේෂඥ වෛද්‍යවරයකු සිරකර ගෙන සිටි උපකාරක පන්ති ගුරෙක් අත්අඩංගුවට

කප්පම් ගන්න විශේෂඥ වෛද්‍යවරයකු සිරකර ගෙන සිටි උපකාරක පන්ති ගුරෙක් අත්අඩංගුවට

රුපියල් ලක්ෂ හතලිහක කප්පම් මුදලක් ලබා ගැනීම සදහා බදුල්ල ප්‍රදේශයේ විශේෂඥ වෛද්‍යවරයකු මීටියාගොඩ ප්‍රදේශයේ නිවසක බලහත්කාරයෙන් සිරකර ගෙන රදවා ගෙන සිටියදී මුදවාගත් බව පොලිසිය කියයි

විශේෂඥ වෛද්‍යවරයාගෙන් කප්පම් මුදල ඉල්ලූ උපකාරක පංති ගුරවරයාද සැකපිට ප්‍රශ්න කිරීම සදහා එම අවස්ථාවේදීම අත්අඩංගුවට ගත් බව හික්කඩුව පොලීසිය කියයි.

කප්පම් මුදල් ලබා ගැනීම සදහා සිරකර රදවා තබාගෙන සිටි විශේෂ්ඥ වෛද්‍යවරයා බදුල්ලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයෙක් බවත් ඔහු සිරකරගෙන සිටි 28 හැවිරිදි උපකාර පංති ගුරුවරයා මීටියාගොඩ ප්‍රදේශයේම පදිංචි අයෙක් බවත් පොලීසිය කියයි.

සැකකාර උපකාරක පන්ති ගුරුවරයා විසින් විශේෂඥ වෛද්‍යවරයා දුරකතන මාර්ගයෙන් නොමග යවා මීටියාගොඩ ප්‍රදේශයට ගෙන්වා ගෙන ඇති බවත්, පසුව එසේ පැමිණි වෛද්‍යවරයා සැකකාර උපකාර පංති ගුරුවරයා මෝටර් රථයක බලහත්කාරයෙන් දමාගෙන විත් මෙසේ මීටියාගොඩ ප්‍රදේශයේ දින දෙකහමාරක් තිස්සේ සිරකරගෙන සිට ඇති බවත්, තමා මේ වනවිට තිදෙනෙකු ඝාතනය කොට ඇති බැවින් ඔහුද රුපියල් ලක්ෂ හතලිහක කප්පම් මුදලක් ලබා නොදෙන්නේ නම් ඔහු තමා අතින් මැරුම් කන සිව් වැනියා බව පවසමින් විශේෂඥ වෛද්‍යවරයා බිය කොට ඇති බවත්, ඔහු ඒ සදහා ලබාදී තිබූ කාලය අවසන් වීමට තිබුණේ තවත් පැය හතරක කාලයක් බවත් පොලීසිය කියයි.