කොත්තු සහ රයිස් මිල පහළට

කොත්තු සහ රයිස් මිල පහළට

කොත්තු සහ ෆ්‍රයිඩ් රයිස් මිල අද (05) සිට 10% කින් අඩු කිරීමට තීරණය කළ බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් පැවසීය.

අද (05) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සභාපතිවරයා කියා සිටියේ, ගෑස් මිල අඩු කිරීමට සාපේක්ෂව මෙම මිල අඩු කිරීම සිදුකරන බවයි.

කෙසේ වෙතත්, කිරි තේ සහ තේ කෝප්පයක මිලෙහි වෙනසක් සිදු නොකරන බවයි, ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

Share This