ග්‍රාම සේවා නිලධාරී තනතුරට 4000ක් බඳවා ගැනීම කඩිනමින්

ග්‍රාම සේවා නිලධාරී තනතුරට 4000ක් බඳවා ගැනීම කඩිනමින්

පුරප්පාඩුව පවතින ග්‍රාම සේවා නිලධාරී තනතුරු 4000කට ආසන්න ප්‍රමාණයක් සඳහා නව බඳවාගැනීම් කඩිනමින් සිදුකිරීමට පියවර ගෙන ඇති බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අ‍ශෝක ප්‍රියන්ත මහතා පවසනවා.

ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සැදුම්ලත් කමිටුවක් පත් කර ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ.

මෙරට ග්‍රාම සේවා වසම් 14,022ම ඩිජිටල්කරණය කිරීමේ e-GN වැඩසටහන මේ වන විටත් ආරම්භ කර ඇති බව සඳහන්.

‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (07) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අ‍ශෝක ප්‍රියන්ත මහතා මේ බව ප්‍රකාශ කළා.

මෙරට ඇති ආර්ථික තත්ත්වය මෙන්ම තවත් සාධක කිහිපයක් මත රාජ්‍ය සේවයේ තුලනයක් සිදුවිය යුතුව පවතින අතර එය පැහැදිලිවම තරාතිරම නොබලා සිදුකළ යුතු බව සඳහන්.

Share This