වැල්ලවත්ත මුහුදු තීරයේ තරුණයෙකුගේ මල සිරුරක්

වැල්ලවත්ත මුහුදු තීරයේ තරුණයෙකුගේ මල සිරුරක්

සැකකටයුතු ලෙස මිය ගිය තරුණයෙකුගේ මළ සිරුරක් වැල්ලවත්ත මුහුදු වෙරළට ගොඩ ගසා තිබේ.

වැල්ලවත්ත පොලීසිය පැවසුවේ එම මළ සිරුර සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවයි.

මිය ගිය තැනැත්තා 28 හැවිරිදි යාපනයේ පදිංචිව සිටි සර්වානන්දා තිරුසාන්ත් නැමැත්තෙක් බවට අනාවරණය වී තිබේ.

අද (05) උදෑසන වැල්ලවත්ත පොලීසියට දුරකථනයෙන් අමතා අදාළ මළ සිරුර සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් විසින් තොරතුරු ලබා දී තිබිණි.

මිය ගිය තැනැත්තාගේ ශරීරයේ රතු පැහැති තැළුම් සලකුණු දක්නට ලැබෙන ‍බව පොලිසිය සඳහන් කළේය.

ඒ සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදු කිරීමට නියමිතයි.

Share This