ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනයට අතුරු කමිටුවක්

ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනයට අතුරු කමිටුවක්

ක්‍රිකට් පාලක මණ්ඩලය අත්හිටුවමින් ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනය කිරීම සඳහා අතුරු කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා කටයුතු කර තිබේ.

සාමාජිකයන් සත් දෙනෙකුගෙන් යුත් මෙම අතුරු කමිටුවේ සභාපතීත්වය අර්ජුන රණතුංග මහතා විසින් දරණ අතර විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්.අයි ඉමාම්, විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණී මාරසිංහ, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ඉරංගනී පෙරේරා, උපාලි ධර්මදාස, නීතිඥ රඛිත රාජපක්ෂ සහ හිෂාම් ජමල්දීන් යන මහත්ම මහත්මීන් අනෙකුත් සාමාජිකයන් ලෙස කටයුතු කරනු ලැබේ.

1973 අංක 25 දරණ ක්‍රීඩා පනත මගින් ලබා දී ඇති බලතල යටතේ අමාත්‍යවරයා විසින් මෙම අතුරු කමිටුව පත් කර ඇති බව ක්‍රීඩා අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

එයට අදාළ ගැසට් නිවේදනය අද (06) දිනයේ නිකුත් කිරීමට නියමිත අතර පත්කළ නව අතුරු කමිටුව ඉන් අනතුරුව අදාළ ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.

අදාළ නිවේදනය පහතින් දැක්වෙයි.