දේවස්ථානය හදන්න ගත්ත ගඩොලක් ලක්ෂ 5කට විකුණලා – අවම ආධාර මුදල ලක්ෂ 5යි – ජෙරම් ගැන තවත් අනාවරණයක්

දේවස්ථානය හදන්න ගත්ත ගඩොලක් ලක්ෂ 5කට විකුණලා – අවම ආධාර මුදල ලක්ෂ 5යි – ජෙරම් ගැන තවත් අනාවරණයක්

දේවගැති ජෙරොම් ප්‍රනාන්දුට අයත් වත්කම් හා දේපොළ උපයාගත් ආකාරය සම්බන්ධව නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විමර්ශන ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

ජෙරොම් ප්‍රනාන්දු තම දේශන පවත්වන කටුනායක, වේයන්ගොඩ පාරේ මිරකල් ඩෝම් නමැති ආගමික මධ්‍යස්ථානය සඳහා මුළු තක්සේරු වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 09ක් පමණ වන බවයි වාර්තා වී ඇත්තේ.

මෙම අක්කර හතරක ඉඩම ලබාදී ඇත්තේ එම සභාවේ සාමාජිකත්වය ලබාගෙන සිටින ව්‍යාපාරිකයකු හා ඔහුගේ බිරිඳ විසිනි.

එමෙන්ම ගල්කිස්සේ හා හැව්ලොක් සිටි සුපිරි නිවාස සංකීර්ණයේ මිල අධිකම නිවාස දෙකක් දේවගැතිගේ පවුලේ අයගේ නමින් මිලදීගෙන ඇතැයි ද මේ වන විට හෙළිදරව් වී තිබෙනවා.

ලන්ඩන්, යුරෝපය, ඇමරිකාව, හොංකොං, ඩුබායි, ඔස්ට්‍රේලියාව, ඉන්දියාව, බංග්ලාදේශය යන රටවල්වලින් මෙරටට පැමිණෙන අයගෙන් ද මෙම ආයතනය වෙත ආධාර මුදල් ලැබී තිබෙන බව ද අනාවරණය වී තිබෙනවා.

එමෙන්ම මෙහි දී හෙළි ඇත්තේ මෙම ආයතනය සඳහා ආධාර වශයෙන් ගෙවිය හැකි අවම මුදල රුපියල් ලක්ෂ පහක් බවයි.

දේවස්ථානය ඉදි කිරීමේදී එයට යොදාගත් ගලක් ද ලක්ෂ පහකට විකුණා ඇති බව ද මෙහි දී අනාවරණය වුණා.

වැඩිදුර විමර්ශනවල දී හෙළි වී ඇත්තේ මෙම ආයතනය වෙත ලැබෙන මුදල් උණ්ඩියල් ක්‍රමයට ඩුබායි, කටාර් හා එංගලන්තයෙ ඇති ගිණුම්වල තැන්පත් බවයි.

Prophet Jerome Fernando - This is what the Miracle Dome will finally look  like on the 27th of November 2021. Thank you for giving towards the  completion. Visit www.miracledome.lk today or call

 

 

Share This