අද සහ හෙට කොළඹට එන අයට විශේෂ දැනුම් දීමක්

අද සහ හෙට කොළඹට එන අයට විශේෂ දැනුම් දීමක්

ජාතික නිදහස් උත්සවය වෙනුවෙන් අද (03) සහ හෙට (4) දෙදින කොළඹ ආශ්‍රිතව විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළා.

76 වැනි ජාතික නිදහස් උත්සවයේ රථ වාහන රාජකාරී සඳහා පොලිස් නිලධාරීන් 1,500කට ආසන්න පිරිසක් යොදවා ඇති අතර විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බව ද රථ වාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා සඳහන් කළා.

එමෙන්ම ආරක්ෂාව සහ වෙනත් රාජකාරි සඳහා නිලධාරින් 4,000ක් යොදවා ඇති බවයි ඔහු සඳහන් කළේ.

ඔහු පැවසුවේ හෙට පැවැත්වෙන 76 වැනි නිදහස් සමරු උත්සවය නිමාවන තුරු එම රථවාහන සැලැස්ම ක්‍රියාත්මක බවයි.

අදාළ කාලසීමාව තුළ විකල්ප මාර්ග භාවිත කරන ලෙසටද රථවාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා ජනතාවට දැනුම් දෙයි.

ඔහු පැවසුවේ රටින් බැහැරවීම සඳහා කටුනායක බලා යන පුද්ගලයින්ටද ඊට අදාළ පහසුකම් සලසන බවයි.

 

Share This