තැන්පත්කරුවන් මහරගම බැංකුවක් වටලයි – කෝටි 94 කට වෙච්ච දෙයක් නෑ

තැන්පත්කරුවන් මහරගම බැංකුවක් වටලයි – කෝටි 94 කට වෙච්ච දෙයක් නෑ

මහරගම විවිධ සේවා සමුපකාරයට අනුබද්ධව පැවති ග්‍රාමීය බැංකුව මගින් තැන්පත්කරුවන්ගේ රුපියල් කෝටි 94ක මුදලක් ලබා දී නැති බව පවසමින් එහි තැන්පත්කරුවන් අද (08) එම සමිතියේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත විය.

ග්‍රාමීය බැංකුවට අයත් ඉඩම් දෙකක් අලෙවි කර මුදල් ගෙවීමට පොරොන්දු වූ නමුත් වසර දෙකක් ගියද එම පොරොන්දුව ඉටුවී නැති බවයි, මහරගම ග්‍රාමීය බැංකුවේ අගතියට පත් වූ සුරැකීමේ සංවිධානයේ උපදේශක දේවානන්ද සුරවීර මහතා කියා සිටියේ.

2019 වර්ෂයේ සිට මෙම ග්‍රාමීය බැංකුව විගණනයකට යටත්කර නැති බව ද ඔහු මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

Share This