කබ්‍‍රාල්ගේ විදෙස් ගමන් තහනමට අධිකරණයෙන් දුන් නියෝගය

කබ්‍‍රාල්ගේ විදෙස් ගමන් තහනමට අධිකරණයෙන් දුන් නියෝගය

මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍‍රාල්ට එරෙහිව පනවා ඇති විදේශ ගමන් තහනම සම්පූර්ණයෙන්ම ඉවත් කරන ලෙස මෝසමක් ගොනු කරමින් සිදු කළ ඉල්ලීම අද (8) කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ප්‍රතිකාර ගැනීමට විදෙස් ගත වීමට අවශ්‍ය බැවින් අජිත් නිවාඩ් කබ්රාල්ට පනවා ඇති විදේශ ගමන් තහනම ස්ථිර වශයෙන් ඉවත් කරන ලෙස ඉල්ලමින් නීතිඥ තිළිණ වීරසිංහ මහතා මෝසමක් මාර්ගයෙන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් මහේස්ත්‍රාත්වරයා මේ බව සඳහන් කර තිබුණා.

විමර්ශන අනුව ඕනෑම අවස්ථාවක සැකකරුවෙක් ලෙස නම් කළ හැකි බවත් විදේශගත වුවහොත් විමර්ශනවලට බාධා විය හැකි බවත් කියමින් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබා දුන්නා.

මහ බැංකු අධිපතිවරයාව සිටිය දී රාජ්‍ය මුදල් අවභාවිත කළ බවට ඉදිරිපත්ව ඇති පැමිණිල්ලකට අදාළව කබ්රාල් මහතාට පසුගිය විදෙස් ගමන් තහනමක් පනවනු ලැබුවා.

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට සහ 2014 වසර කාලයේ මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය ඇතුළු නිලධාරීන්ට විරුද්ධව තීනියාවල පාලිත හිමි විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොනු කළ පැමිණිල්ලක් මත මෙම නඩුව ගොනු කර තිබෙනවා.

ගිවිසුම්ගත ඩෙලවෙයාර් ලිමිටඩ් ලයබිලිටි සමාගමට ගෙවීමට තිබූ ඇමෙරිකානු ඩොලර් මිලියන 6.5 ක මුදලක් මූල්‍ය මණ්ඩලයේ අවසරය පමණක් ගෙන තෙවැනි පාර්ශ්වයකට ගෙවීම සම්බන්ධයෙන් අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එහිදී චෝදනා එල්ල වුණා.

Share This