මුලින් මහ මැතිවරණයක් තියලා පස්සේ ජනපතිවරණයක් පැවැත්විය යුතුයි

මුලින් මහ මැතිවරණයක් තියලා පස්සේ ජනපතිවරණයක් පැවැත්විය යුතුයි

රට තුළ සාධාරණ ක්‍රියාවලියක් පවත්වාගෙන යාම සඳහා පළමුව මහ මැතිවරණයක් පවත්වා අනතුරුව ජනාධිපතිවරණයක් පැවැත්විය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

ඊයේ (21) බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් බැසිල් රාජපක්ෂ මෙම යෝජනාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ඉදිරිපත් කළ බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය.

මෙම යෝජනාව ක්‍රියාත්මක නොකළහොත් කුමන පක්ෂයක් ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළත් පාර්ලිමේන්තු මැතිවරණයෙන් දැවැන්ත ජයග්‍රහණයක් අත්වන බවත් එය රටට යහපත් නොවන බවත් ඔහු පෙන්වා දුන්නේය.

මැතිවරණයෙන් පසු රටේ සාධාරණ තත්ත්වයක් ඇති විය යුතු බවද ඔහු කියා සිටියේය.

Share This