ඉතිහාසයේ ප්‍රථම වතාවට කැරට් මිලට උන දේ

ඉතිහාසයේ ප්‍රථම වතාවට කැරට් මිලට උන දේ

නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයේ ඉතිහාසයේ ප්‍රථම වතාවට කැරට් කිලෝවක තොග මිල ඊයේ (13) දින රාත්‍රියේ සිට රු 1000-1100 අතර මිලකට අලෙවි වු බව නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසිය.

ඒමෙන්ම චීන ආහාර සදහා උපයෝගි කර ගන්නා බ්‍රකෝලි ඇතුළු අනෙකුත් එලවළු වර්ග වල කිලෝවක මිල රු 7000 දක්වා ඉහල ගොස් ඇති බව ද ඒ් මහතා පැවසීය.

නුවරඑලිය ප්‍රදේශයේ එලවළු කරන ගොවින්ගෙන් කැරට් කිලෝවක් රු 900 ක් වැනි තොග මිලට ලබාගත් බවත්, එසේ ලබාගත් කැරට් නිසි ප්‍රමිතියෙන් තොර බව නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයේ තොග වෙලෙදුන් කියා සිටියේය.

ලික්ස් , බිට්රුට් , ගෝවා කිලෝවක් රු 450-500 අතර තොග මිලකට අලෙවි කරන බවත්, බෝංචි සහ මාළු මිරිස් කිලෝවක් රු 750-800 අතර තොග මිලකට අලෙවි කරන බවයි වෙලෙදුන් කියා සිටියේ.

තවද අමු මිරිස් කිලෝවක් රු 1600 , රාබු කිලෝවක් රු 350 වැනි මිලයකට අලෙවි කරන බවද වෙලෙදුන් කියා සිටියේය.

මිට සති දෙකකට ප්‍රථම කැරට් කිලෝවක් නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානය තුල රු 350-400 අතර මිලකට අලෙවි කල බවත්, චීන ආපන ශාලා සදහා භාවිතා කරන බ්‍රකෝලි කිලෝවක් රු 750 වැනි මිලකට අලෙවි වු බවද වෙලෙදුන් පැවසීය.

Share This