යුද හමුදාවේ 1509කට උසස්වීම්

යුද හමුදාවේ 1509කට උසස්වීම්

15වැනි ජාතික රණවිරු සැමරුම් දිනයට සමගාමිව යුද හමුදාවේ 1509 දෙනෙකුට උසස්වීම් ලබාදී තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ශ්‍රී ලංකා යුද හමුදාවේ නිත්‍ය හා ස්වේච්ඡා බලසේනාවේ 1509 දෙනෙකුට මෙසේ උසස්වීම් ලබාදී ඇති බව යුද හමුදා මූලස්ථානය නිවේදනය කරයි.

ඒ අනුව නිලධාරීන් 114 දෙනෙකු සහ සෙසු නිලයින් 1395 දෙනෙකුට මෙසේ උසස්වීම් ලබාදී තිබේ.

එය අද (19) සිට බලපැවැත්වෙන බව යුද හමුදා මූලස්ථානය වැඩිදුරටත් සදහන් කරයි.