ඇමති ප්‍රසන්නට රුපියල් 300ක මනි ඕඩරයක්

ඇමති ප්‍රසන්නට රුපියල් 300ක මනි ඕඩරයක්

මුදල් ගෙවිමක් සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුවකට ගුවන් තොටුපොලේදී පෝටර්වරයෙකුට කණට පහර දුන් අමාත්‍ය ප්‍රසන්න රණවිර මහතාට රුපියල් තුන්සීයක මනිඕඩරයක් යැවීමට කරන්දෙණියේ අපේ දහම් පදනමේ සභාපති ප්‍රියන්ත විජය වික්‍රම ඇතුළු තරුණයින් පිරිසක් කටයුතු කළේය.

කරන්දෙනිය මහා ඒ දණ්ඩ ප්‍රධාන තැපැල් කාර්යාලයට ගොස් ඔවුන් අමාත්‍ය ප්‍රසන්න රණවීරට ලබාදීම සඳහා එම රුපියල් 300ක මනි ඕඩරය පාර්ලිමේන්තුවේ කතානායකවරයා හට යැවීමට කටයුතු කර තිබිණ.

රුපියල් තුන්සීයක් මුදල් පසුම්භියේ නොමැතිකම නිසා ගුවන් තොටුපොලේ අහිංසක පොටර්වරයෙක් කණ පලාගත් බවත් මෙය නොවිය යුත්තක් නිසා ප්‍රසන්න රණවීර මහතාට මේ මුදල යැව්වේ පෝටර්වරයාට එය ලබාදීමට බව මේ කාර්යය සදහා එක්වූ සමන් විජේවිකම මහතා පැවසීය.