ඖෂධ වර්ග 400 ක් රෝහල් වෙත බෙදා හැරේ

ඖෂධ වර්ග 400 ක් රෝහල් වෙත බෙදා හැරේ

ඖෂධ වර්ග 400 ක් හදිසි මිලදී ගැනීම් යටතේ මිලදී ගෙන රෝහල් වෙත බෙදා හැර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඉන්දියානු ණය යෝජනා ක්‍රම යටතේ ලැබුන ඖෂධ වර්ග 378 ක් ද රෝහල් වෙත බෙදාහැර ඇති බව එහි අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා සඳහන් කළේය.

කෙසේ වෙතත් රෝහල්වල ඖෂධ වර්ග 77ක හිඟයක් පවතින බව ඔහු ප්‍රකාශ කළේ ය.

මේ අතර, සෞඛ්‍ය සේවයේ උද්ගතවී ඇති තත්ත්වය පැහැදිලි කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයෙත් මාධ්‍ය හමුවක් කැඳවා තිබුණි.

Share This