හිටපු හමුදාපති සමගි ජන බලවේගය සමග එක්වෙයි

හිටපු හමුදාපති සමගි ජන බලවේගය සමග එක්වෙයි

හිටපු හමුදාපති මෙන්ම හිටපු යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී, (විශ්‍රාමික) ජෙනරාල් මහේෂ් සේනානායක මහතා සමගි ජන බලවේගය සමග එක්වී තිබේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු වී සමගි ජන බලවේගය හා එක් වූ ඒ මහතා සමගි ජන සමගි රණවිරු බලවේගයේ ප්‍රධානියා ලෙස පත් කර ඇති බවයි සඳහන් වන්නේ.

ජෙනරාල් මහේෂ් සේනානායක සිය මූලික අධ්‍යාපනය කොළඹ ආනන්ද විද්‍යාලයෙන් ලබා ගැනීමෙන් පසුව ඇමරිකා එක්සත් ජනපදයේ හමුදා අණ හා මාණ්ඩලික විද්‍යාලයෙන් සිවිල් ඉංජිනේරු විද්‍යා උපාධියත් ජවහර්ලාල් නේරු විශ්වවිද්‍යාලයෙන් තවත් උපාධියකුත් ලබා ගෙන තිබේ.