රන්බඩු – මුදල් කොල්ල කන්න බාප්පා, පුංචි, සහෝදරයා මරා දමලා

රන්බඩු – මුදල් කොල්ල කන්න බාප්පා, පුංචි, සහෝදරයා මරා දමලා

නාල්ල පොලිස් වසමේ මාලදෙණිය,කිතලවලාව ප්‍රදේශයේ නිවසක් තුළ පුද්ගලයින් තිදෙනෙක් ඝාතනය කර තිබෙනවා.

අද (19) අලුයම් කාලයේ මෙම ඝාතනයන් සිදුව ඇති අතර, ඝාතනය සිදුකළ සැකකරු නාල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මුදල් හා රන් භාණ්ඩ සොරා ගැනීමට 40 හැවිරිදි සැකකරු විසින් ඔහුගේ බිරියගේ බාප්පා,පුංචි සහ සහෝදරයා මෙලෙස ඝාතනය කර ඇති බව නාල්ල පොලිසිය සඳහන් කළා

පාපැදියකින් ගමන් ගත් පුද්ගලයකු පරීක්ෂා කිරීමේදී ඔහු සතුව රුපියල් ලක්ෂ 3කට ආසන්න මුදලක් සහ රන් භාණ්ඩ හමුවී තිබේ.

ඒ සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගෙන පොලිසියට රැගෙන ගොස් පරීක්ෂා කිරීමේදී ඔහු සතුව තිබූ ලිපියන් සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමේදී මෙම ඝාතනයේ තොරතුරු අනාවරණය වූ බව පොලිසිය සඳහන් කරයි.

මෙසේ ඝාතනය කර ඇත්තේ තම බිරියගේ බාප්පා,පුංචි සහ ඔවුන්ගේ දරුවා බව මෙතෙක් සිදු කල පරීක්ෂණවලින් අනාවරණය වන බව ද පොලිසිය සඳහන් කරයි.