ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තීරණාත්මක තරගය අද

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තීරණාත්මක තරගය අද

2023 එක්දින ලෝක කුසලාන තරඟාවලියට සුදුසුකම් ලබා ගැනීමේ ක්‍රිකට් තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන දෙවැනි තරගය අද (02) පැවැත්වේ.

සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන මෙම තරඟය අද (02) දහවල් 12.30ට සිම්බාබ්වේ, බුලවායෝ හිදී ආරම්භවීමට නියමිතය.

මේ වන විට ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණඩායම ප්‍රසාද ලකුණු 6 බැගින් ලබා ගෙන පෙරමුණේ පසුවෙයි.

තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයේ නෙදර්ලන්තය සමග පැවති තරගය ලකුණු 21කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

සිම්බාබ්වේ කණ්ඩායම සමග අද පැවැත්වෙන තරගය ජය ගැනීම ද, ශ්‍රී ලංකා කණ්ඩායමට තීරණාත්මක වනු ඇත.

අද තරගය ජයගන්නා කණ්ඩායමට සුපිරි 6 දෙනාගේ තරගාවලියේ අවසන් වටයට පිවිසිමේ වැඩි අවස්ථාව පවතී.

 

Share This