දින තුනකට පෙර මියගිය දැරියකගේ මළ සිරුරක් හෝටල් කාමරයික්න් හමුවෙයි

දින තුනකට පෙර මියගිය දැරියකගේ මළ සිරුරක් හෝටල් කාමරයික්න් හමුවෙයි

යාපනයේ තිරුණවේලී ප්‍රදේශයේ පෞද්ගලික හෝටල් කාමරයකින් වයස අවුරුදු 12 ක දැරියකගේ මළ සිරුරක් යාපනය කෝපායී පොලීසිය විසින් ඊයේ (12 ) සොයා ගෙන තිබේ.

පොලීසිය එම හෝටල් කාමරයට ගිය අවස්ථාවේදී මියගිය දැරියගේ මිත්තනිය බවට සැකකරණ කාන්තාවක්ද එම හෝටල් කාමරයේ ඇඳක වැතිර සිට ඇති අතර ඇය ඒ අවස්ථාව වන විටත් සිහිසුන්ව සිට ඇත.

මේ දෙදෙනා ත්‍රිකුණාමළය ප්‍රදේශයේ සිට යාපනයට පැමිණ ඇති අතර කාන්තාව හෝටලයේ කළමනාකරුට පවසා ඇත්තේ දැරිය රෝගයකින් පෙළෙන බවත් ඇයට ත්‍රිකුණාමළයෙන් අවශ්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට නොහැකි නිසා යාපනයේ වෛද්‍යවරයෙකු හමු වීමට පැමිණි බවත්ය.

මේ දෙදෙනා කාමරය කුළියට ගත් පසුව එක් අවස්ථාවකදී පමණක් කාමරයෙන් ඉවතට ගොස් යළි ආපසු පැමිණි බව හෝටලයේ කළමනාකාරවරයා කෝපායී පොලීසියට ප්‍රකාශ කොට තිබේ.

කාමරයෙන් දැඩි දුගධක් හමන නිසා සේවකයින් කාමරයේ දොරට තට්ටූ කළත් කිසිදු ශබ්දයක් නොමැති නිසා ජනේලයකින් කාමරය තුළට ගොස් බලද්දී ඇඳක වැතිර සිටි දැරියගේ සිරූර මත මැස්සන් වසමින් සිටි බවත් ඇගේ සිරුරෙන් දැඩි දුගධක් හමමින් තිබූ බවත් කළමනාකාරවරයා සදහන් කළේය.

මිත්තනිය බව කියන කාන්තාවගේ ආශ්වාස ප්‍රාශ්වාස තත්ත්වයක් පෙන්නුම් කළ නිසා පොලීසිය පැමිණීමෙන් පසුව ඇයව රෝහල් ගත කිරීමට රැගෙන යන විට ” මාව මේ කොහෙද ගෙනියන්නේ ” යණුවෙන් කෙදිරි ගාමින් ප්‍රකාශ කර තිබේ.

කෝපායී පොලීසිය මෙම දැරිය මියගොස් දින තුනක් පමණ ඉකුත්ව ගොස් ඇති බවද කියා සිටියේය.

මිත්තනිය විසින් ලියූ බවට සැකකරණ ලිපියක්ද කාමරයෙන් හමු වී ඇති අතර එම ලිපියේ සදහන් ව ඇත්තේ ඔවුන් සියදිවි හානි කර ගන්න බව ප්‍රකාශ කරමින් වූවත් එම ලිපිය ඉතා සැක සහිත බව මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන යාපනය පොලීසිය ප්‍රකාශ කරයි.

ඇතැම් විට දැරිය දූෂණයට ලක් කොට ඇය මරා දමා මිත්තනියටද කුමක් හෝ පානය කිරීමට සලස්වා ඇති බවට විශ්වාස කරණ පොලීසිය දැරියගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා යාපනය ශීක්ෂණ රෝහල වෙත බාර දී තිබේ.

දැරියගේ නම කේමා ලෙස සඳහන්ව ඇත.

සිහිසුන්ව සිටි කාන්තාව 53 හැවිරිදි ත්‍රිකුණාමළයේ පදිංචි නාගපූසානි ශිවනාදන් නැමැත්තියක් බවට හඳුනාගෙන තිබේ.ඇය දැඩි පොලිස් රැකවරණය මත යාපනය ශීක්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

ඇයගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට තරම් යහපත් සෞඛ්‍ය තත්ත්වයක් ඇයට තවමත් නොමැති නිසා සිද්ධිය සම්බන්ධයෙන් නිවැරදි තොරතුරක් ලබා ගැනීමට පොලීසියට අසීරු වී තිබේ.

යාපනය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.