ජනපති සහ ඊලොන් මස්ක් අතර සාකච්ඡාවක්

ජනපති සහ ඊලොන් මස්ක් අතර සාකච්ඡාවක්

ඉන්දුනීසියාවේ පැවැත්වෙන 10 වැනි ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ සැසියට සමගාමීව ශ්‍රී ලංකාව තුළ “Starlink” සේවා පහසුකම ක්‍රියාත්මක කිරීම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ලොව ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන ඊලොන් මස්ක් (Elon Musk) මහතා අතර හමුවක් අද (19) සිදුවී තිබේ.

එහිදී ගෝලීය “Starlink” ජාලය සමඟ ශ්‍රී ලංකාව සම්බන්ධ කිරීම සඳහා අයදුම් කිරීමේ ක්‍රියාවලිය වේගවත් කිරීමට කැපවී සිටින බව ජනාධිපතිවරයා අවධාරණය කළ බවයි, සඳහන් වන්නේ.