web hit counter
ජල පහරකට හසුවූ සිසුවෙක් අතුරුදන් වෙයි

ජල පහරකට හසුවූ සිසුවෙක් අතුරුදන් වෙයි

ගලහ, සුදුවැල්ල ප්‍රදේශයේ සිසුවෙකු ජල පහරකට හසුව ගසා ගෙන ගොස් අතුරුදන් වී තිබේ.

ඊයේ (11) දිනයේ පාසලේ පැවති 05 වසර ශිෂ්‍යත්ව අමතර පන්තියක් සඳහා සහභාගී වී නැවත නිවස බලා පයින් පැමිණෙමින් සිටියදී සිසුවා ජල පහරකට හසු වී ලිට්වැලි ඇල මාර්ගයට ගසාගෙන ගොස් ඇති බවයි, පොලිසිය පැවසුවේ.

අතුරුදහන් වූ සිසුවා වයස අවුරුදු 10ක දෙල්තොට ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර පොලිස් ජල කිමිදුම් කණ්ඩායමකගේ ද සහය ඇතිව දරුවා පිළිබඳ සෙවීම් කටයුතු සිදු කරන බව සඳහන්.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )