හංවැල්ලේ නිවසක සැක සහිත කාන්තා මළ සිරුරක්

හංවැල්ලේ නිවසක සැක සහිත කාන්තා මළ සිරුරක්

නිර්වස්ත්‍රව ලේ පැල්ලම් කිහිපයක් සහිතව කාමරයක් තුල උඩුකුරුව වැටී සිටි කාන්තාවකගේ මළ සිරුරක් හංවැල්ල වැලිකන්න ඉහලවත්ත ප්‍රදේශයේ නිවසක තිබී අද (05) දින සොයා ගත් බව හංවැල්ල පොලිසිය පවසයි.

පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරක් මත පොලිස් නිළධාරීන් කණ්ඩායමක් ගොස් පරීක්ෂා කිරීමේදී මෙම මල සිරුර හමු වී ඇත.

අදාල මරණය ඝාතනයක් හෝ සැකසහිත මරණයක් බවට සැක කල හැකි සාක්ෂි පවතින බැවින් ඒ පිළිබඳව අපරාධ විමර්ශන ඒකකය මගින් විශේෂ පරීක්ෂණයක් සිදු කරන බව හංවැල්ල පොලිසියේ උසස් නිළධාරියෙකු පැවසීය

මෙලෙස මරණයට පත්ව ඇත්තේ හංවැල්ල වග වැළිකන්න ඉහලවත්ත ප්‍රදේශයේ පදිංචිකාරියක වන දන්ගල්ලගේ දෝන මාලනී නමැති 70 හැවිරිදි අවිවාහක අයෙකි.

Share This