නව ගැස් මිල ප්‍රකාශයට පත් කිරීම අද

නව ගැස් මිල ප්‍රකාශයට පත් කිරීම අද

ගෑස් මිල සංශෝධනයට අදාළ මිල ගණන් අද (04) දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව ලිට්‍රෝ සමාගම පවසයි.

මිල සූත්‍රයට අනුව ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය අද මධ්‍යම රාත්‍රියේ සිට සිදුකිරීමට සැලසුම් කර ඇති බවයි එහි සභාපති මුදිත පීරිස් සඳහන් කළේ .

ලෝක වෙළඳපලේ ගෑස් මිල ඉහළ යාම සැලකිල්ලට ගැනීමේ දී මෙරට ගෑස් මිලෙහි ද සැලකිය යුතු වැඩි වීමක් මෙවර සිදුවනු ඇති බව ඔහු සඳහන් කළේය.

ඒ අනුව ඊට අදාළ මිල ගණන් අද දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව සඳහන්.

Share This