රාජ්‍ය සේවකයින් තම වරප්‍රසාද ඉහල නංවා ගන්නවා වගේම සඵලදායි ජනතා සේවයක් ඉටුකළ යුතුයි

රාජ්‍ය සේවකයින් තම වරප්‍රසාද ඉහල නංවා ගන්නවා වගේම සඵලදායි ජනතා සේවයක් ඉටුකළ යුතුයි

බහුකාර්ය සංවර්ධන සහායකයින් ලෙස බදවාගනු ලැබූ 50 දෙනෙකු මධ්‍යම පළාත් රාජ්‍ය සේවයේ ස්ථිර පත්විම් ලබාදිම මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (16) පස්වරුවේ මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදි සිදු කෙරුණි.

පළමු අදියර යටතේ බහුකාර්ය සහයකයින් 1177 දෙනෙකුද දෙවන අදියර යටතේ බහුකාර්ය සංවර්ධන සහයකයින් 533 බැගින් 1710 දෙනෙකු සදහා පත්විම් ලබා දී ඇති අතර මෙම පත්විම් 50ක් සමග පළාත් රාජ්‍ය සේවයට බහුකාර්ය සහායකයින් 1760 දෙනෙකු එක් කර තිබේ.

මෙහිදී අදහස් දක්වමින් පළාත් ආණ්ඩුකාරවරයා සදහන් කර සිටියේ, රජයේ පත්වීමක් ලබා රාජ්‍ය සේවයට එකතු වු පසු බොහෝ දෙනොට රාජ්‍ය‍ සේවය, සේවයක් යන්න අමතක වී යන බවත්, සිදුවිය යුත්තේ මහජන මුදලින් වැටුප් ලබන්නන් වශයෙන් තම වරප්‍රසාද ඉහල නංවාගැනීම සදහා කටයුතු කරනවා සේම සඵලදායි ජනතා සේවයක් වෙනුවෙන් ද ක්‍රියා කිරීම අත්‍යාවශ්‍ය බවත්ය.

තමන්ගෙන් රටට ඉටු විය යුතු සේවය වර්තමානයේදි සිදු වනවාද යන්න ප්‍රශ්න සහගත බවත් තම අයිතින් වෙනුවෙන් පමණක් කටයුතු කරන ස්වභාවයක් ඇති බවත් එසේ නොවී සියලු දෙනාම එක්වී රට ගොඩනැගිමේ ක්‍රියාවලිය සදහා තම වගකිම් හා යුතුකම් මෙරට බදු ගෙවන ජනතාව වෙනුවෙන් ඉටු කළ යුතු බවද අවධාරණය කළේය.

රටේ ජනතව විසින් සෟජු හා වක්‍රව බදු ගෙවමින් රාජ්‍ය සේවයකයින් ඇතුලු රාජ්‍ය කරගෙන යෑම සදහා දායකත්වය දක්වන බවත් ඔවුන් වෙනුවෙන් සෑමවිටම යුතුකම් ඉටු කළ යුතු බවද ආණ්ඩුකාරවරයා වැඩිදුටත් පැවසිය.

මෙම අවස්ථාවට පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ,ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල,පළාත් කෘෂිකර්ම ලේකම් චන්දන වික්‍රමසුරිය,පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම් කුමුදුනි ප්‍රේමචන්ද්‍ර යන මහත්ම මහත්මින් ඇතුලු පිරිසක් එක්වි සිටියහ.