රණවිරු දින සැමරුම් වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්

රණවිරු දින සැමරුම් වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්

රණවිරු දින සැමරුම් උත්සවය වෙනුවෙන් එළඹෙන 19 වනදා විශේෂ රථවාහන සැලැස්මක් ක්‍ර්‍රියාත්මක වන බව පොලිසිය පවසයි.

ඒ අනුව, එදින සවස 3 සිට පොල්දූව හංදිය සහ කියැන්හෑම් හංදියෙන් පාර්ලිමේන්තු මාර්ගයට ඇතුළු වීමේ මංතීරුව සහ පිටවීමේ මංතීරුව වසා තැබීමට ක්‍රියාකරනු ඇත.

ඒ අනුව, විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය මහජනතාවට දැනුම්දෙන අතර, විකල්ප මාර්ග කිහිපයක් පොලිසිය විසින් හඳුන්වා දී තිබේ.