සරසවි ඇදුරෝ 70ක් රට ගිහින් – පේරාදෙණියේ අධ්‍යයන කටයුතුවලට බාධා

සරසවි ඇදුරෝ 70ක් රට ගිහින් – පේරාදෙණියේ අධ්‍යයන කටයුතුවලට බාධා

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සේවය කළ පළපුරුදු ආචාර්යවරුන් මහාචාර්යවරුන් රට හැර යාම හේතුවෙන් එම විශ්ව විද්‍යාලයේ බොහෝ පීඨවල දෛනික අධ්‍යන කටයුතු සිදු කිරීම ගැටලුවක් වී තිබෙන බව පැවසෙනවා.

2022 ජනවාරි සිට මෙම වසරේ මැයි මාසය අතර කාලයේ ආචාර්යවරු සහ මහාචාර්යවරුන් 70ක ට අධික පිරිසක් රට හැරගොස් ඇතැයි ද වාර්තා වෙනවා.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති සහ මාධ්‍ය ප්‍රකාශක මහාචාර්ය ඩබ්.එම්. ටෙරන්ස් මධුජිත් කියන්නේ එය සත්‍යක් බවයි.

“ආචාර්ය මණ්ඩලයේ අය විශ්වවිද්‍යාලය අතහැර විදෙස් ගතවීම ඇත්ත. මේ තත්වය ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ වෛද්‍ය පීඨය, ඉංජිනේරු පීඨය, විද්‍යා පීඨය සහ දන්ත වෛද්‍ය පීඨය යන පීඨවල යි.

ගිය අවුරුද්දේ ජනවාරි සිට මේ අවුරුද්දේ මැයි දක්වා වූ මාස 16ට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ප්‍රමුඛ පෙළේ ආචාර්ය, මහාචාර්යවරුන් 70ක් දෙනක් විශ්වවිද්‍යාල සේවයෙන් සම්පූර්ණයෙන්ම ඉවත්වෙලා විදේශගත වුණා.

තවත් විශාල පිරිසක් අධ්‍යයන නිවාඩු ලබා විදේශගත වී සිටින බව ද මහාචාර්යවරයා වැඩිදුරටත් පැවසීය .

Share This